ඉරන ලද දැව කොටස් (602)
1. ලබා දිය යුතු ලේඛණ
1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-04 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
2. i. ආනයනකරු ආයතනයක් නම්,
- එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්රමාණවත්ය).
ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
- ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,
3. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි,
- අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
- භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම
- නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
- නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.
4. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය
2. ක්‍රමවේදය
- බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
- අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
- ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
- බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම
3. බලපත්‍ර ගාස්තු
- බලපත්‍රයකට රු. 2000.00 % + එකතු කල අගය මත බද්ද