2024 වසර සඳහා සමූහ බලපත්‍ර නිකුත් කිරීම 2023.12.01 දින සිට ආරම්භ කෙරෙන අතර සුදුසුකම් ලත් ආනයනකරුවන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට හැකියාව ඇත.

  1. තවද, 2023.12.31 දිනෙන් කල් ඉකුත් වන සමූහ බලපත්‍රවල වලංගු කාලය 2024/01/31 දක්වා දීර්ඝ කිරීමට අවස්ථාව ඇත (සියලුම කාලය දීර්ඝ කරන ලද සමූහ බලපත්‍ර සඳහා භාණ්ඩ නැව්ගත කළ දිනයන් 2023.12.31 ට පෙර විය යුතුය).
  2. දැනට අගය පවතින සමූහ බලපත්‍රවල අගය වැඩි කිරීම් සඳහා 2023.12.01 දක්වා පමණක් අවස්ථාව ලැබේ.

*එක් බලපත්‍රයක් සඳහා වලංගු කාලය දීර්ඝ කිරීම සහ අගය වැඩි කිරීම යන සංශෝධන දෙකම සිදු කිරීමට ඉඩ දෙනු නොලැබේ.

      පාලක ජනරාල්

     ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව