රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක ආනයනය නියාමනය කිරීම.

රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක ආනයනය තහනම් කිරීමට ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව අංක 2226/48 හා 2021 මැයි 6 දිනැති ගැසට් නිවේදනය නිකුත් කරන ලදී.

ඒ අනුව, බලපත්‍ර පාලනයට යටත් කරන ලද සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ කෘෂිකර්මාන්තයේ දී භාවිතා වන රසායනික පොහොර ,පළිබෝධනාශක සහ වල් නාශක හැර වෙනත් කර්මාන්ත සඳහා භාවිතා වන රසායනික ද්‍රව්‍ය ආනයනය කරනු ලබයි.

එබැවින් ඉහත අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනි නොවන සේ පහත වගුවේ සඳහන් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක වලට අයත්වන අයිතම එම වගුවේ සඳහන් අවශ්‍යතාවයන් සහ නිර්දේශයන්ට යටත්ව ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත්  කිරීමට තීරණය කර ඇත.

අනු අංකය

අයිතමය

සංයෝජිත වර්ගීකරණ සංකේතාංකය

අවශ්‍යතාවය

නිර්දේශය

(i)

රසායනික පොහොර

3102.10.00

3102.21.00

3102.29.00

3102.30.00

3102.50.00

3104.20.00

3104.30.00

පටක රෝපණය

කෘෂිකර්ම දෙපාර්තෙම්න්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගේ  නිර්දේශය

කර්මාන්ත සඳහා

ආයෝජන මණ්ඩලයට අයත් ආයතනයක් නම් එකී  අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය

හෝ

ආයෝජන මණ්ඩලයට අයත් නොවන ආයතනයක් නම් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශය

(ii)

පළිබෝධනාශක සහ වල් නාශක

2825.10.00, 2916.20.40, 2920.19.10, 2924.12.00, 2924.29.10,2924.29.20,

2924.29.30,

2924.29.90,

2930.20.10, 2930.90.20,

2930.90.30,

2930.90.40,

2930.90.50

2931.39.10,

2931.39.90,

2931.90.10

2931.90.20,

2932.20.10,

2933.21.00,

2933.39.10,

2933.59.10,

2933.99.10,

3808.52.00,

3808.92.10,

3808.92.90,

3808.93.10,

3808.93.20,

පළිබෝධ නාශක හා වල්නාශක ආනයනය තහනම් කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් 2021 අප්‍රේල් 27 දිනැතිව නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනි නොවන කාර්යයයන් සඳහා

පළිබෝධ නාශක රෙජිස්ටාර් ගේ  නිර්දේශය

කර්මාන්ත සඳහා

පළිබෝධ නාශක රෙජිස්ටාර්ගේ නිර්දේශය  සහ ආයෝජන මණ්ඩලයට අයත් ආයතනයක් නම් එකී  අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය

හෝ

ආයෝජන මණ්ඩලයට අයත් නොවන ආයතනයක් නම් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශය

(iii)

පළිබෝධනාශක සහ වල් නාශක

3808.93.90

පළිබෝධ නාශක හා වල්නාශක ආනයනය තහනම් කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් 2021 අප්‍රේල් 27 දිනැතිව නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනි නොවන කාර්යයයන් සඳහා

පළිබෝධ නාශක රෙජිස්ටාර් ගේ හෝ   කෘෂිකර්ම දෙපාර්තෙම්න්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගේ  නිර්දේශය

(iv)

Isocyanates

2929. 10.00

පළිබෝධ නාශක හා වල්නාශක ආනයනය තහනම් කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් 2021 අප්‍රේල් 27 දිනැතිව නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනි නොවන කාර්යයයන් සඳහා

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගේ  හෝ පළිබෝධ නාශක රෙජිස්ටාර් ගේ නිර්දේශය

Tributyltin compounds

2931.20.00

(v)

රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක

ඉහත සඳහන් සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේතාංක

ඉහත සඳහන්  අවශ්‍යතාවයන් හැර වෙනත් අවශ්‍යතාවයන්

(පළිබෝධ නාශක හා වල්නාශක ආනයනය තහනම් කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් 2021 අප්‍රේල් 27 දිනැතිව නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනි නොවන කාර්යයයන්) සඳහා

පාලක ජනරාල් අවස්ථානුකූලව තීරණය කරන වෙනත් නිර්දේශය