1. ඔබ විසින් ලබාගෙන ඇති බලපත්‍ර හර කිරීමේ දී අප වෙත ලබා දෙන ලියවිලි සමඟ ඉදිරිපත් කරන හර කිරීමේ ප්‍රකාශය පහත ආකෘතියට අනුව සකස් කළයුතු බව කාරුණිකව දන්වා සිටිමු.

DEBIT DECLARATION

01.    NAME OF CONSIGNEE:

02.    LICENSE NO & DATE:

03.    EXPIRY DATE OF LICENSE:

04.    AWB OR B/L NO & DATE:

05.    LICENSE VALUE:

06.    VALUE OF PRESENT DEBIT:

07.    GOODS IN THIS DEBIT:

Name of drugs           Batch no.       Remaining shelf life up to date(%) :………….

                 I.

                 II.

                 III.

         Date:                                                                                            Signature:

  1. එහි සඳහන් පරිදි ඖෂධයන්හි ඉතිරි ආයු කාලය ගණනය කිරීමේ දී අපගේ වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති සම්මත සමීකරණය හා ක්‍රමවේදය පමණක් භාවිතා කරන ලෙස ද ඒ අනුව හර කිරීම් සිදු කරන දිනට ගණනය කරන ලද අගය හර කිරීමේ ප්‍රකාශ‍යේ පැහැදිලිව අදාළ ඖෂධය හා කාණ්ඩ අංකය යටතේ දැක්විය යුතුය.
  1. මීට අමතරව හර කිරීමේ ක්‍රියාවලිය සඳහා විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු ඖෂධ සඳහා විශ්ලේෂණ වාර්තා(Analysis Reports) ලබා දීමේ දී ඒවායේ මුල් පිටපත ඉදිරිපත් කළයුතු අතර එසේ නොමැති විටදී මුල් පිටපත අත්සන් කරන ලද අය විසින්ම සහතික කරන ලද පිටපත් පමණක් හර කිරීම සඳහා වලංගු පිටපතක් ලෙස සලකනු ලැබේ.
  1. ඉහත විධිවිධාන 2019.08.19 දින සිට ක්‍රියාත්මක වේ.

 

 

ටී.වී.ඩී. දමයන්ති එස් කරුණාරත්න

ආනයන හා අපනයන පාලක ජනරාල්