අබලි ලෝහ සුන්බුන් (710)

1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-04 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.

2. i.    ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය)

   ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,

3. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි,

  • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
  • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම
  • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය

4. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුමතිය

2. ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
  • අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම  
  • ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
  • බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම      

3. බලපත්‍ර ගාස්තු

  • මෙ.ටොන් 01ක් සඳහා රු. 125 + Vat බැගින් අවම ගාස්තුව රු. 5000.00 + එකතු කල අගය මත බද්ද    
  • අවම ගාස්තුව රු. 5,000.00 + අගය එකතු කළ බද්ද