දැක්ම

තිරසාර සංවර්ධිත රටක් උදෙසා ආනයන හා අපනයන නියාමනය

මෙහෙවර

රටේ ආරක්ෂාව, ආර්ථිකය, මහජන සෞඛ්‍යය, පරිසර සංරක්ෂණය ආදිය සැලකිල්ලට ගෙන භාණ්ඩ ආනයන හා අපනයන පාලනය සම්බන්ධයෙන් රජය විසින් වරින්වර ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනත අනුව ක්‍රියාත්මක කිරීම.

කාර්යයන්

  • ආනයන හා අපනයන පාලනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි ප්‍රසිද්ධ කිරීම.
  • ආනයන හා අපනයන බලපත්‍ර නිකුත් කිරීම මගින් ආනයනයන් හා අපනයනයන් පාලනය කිරීම.
  • ආනයන හා අපනයන පාලන රෙගුලාසි සම්බන්ධ කරුණුවලදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා වාණිජ බැංකු වලට සහාය වීම.
  • ආනයන පාලන රෙගුලාසි සම්බන්ධ මෙහෙයුම් උපදෙස් වාණිජ බැංකුවලට නිකුත් කිරීම.

නිමැවුම

  • 2016 වර්ෂය තුළදී ආනයන හා අපනයන බලපත්‍ර 15498 ක ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීම තුළින් දෙපාර්තමේන්තුවේ මෙහෙවර ඉටු කිරීම සඳහා වූ ආනයනයන් හා අපනයනයන් පාලනය කිරීම.
  • ආනයන බලපත්‍රයට අනුකූලව භාණ්ඩ ආනයනය කළේ ද යන්න තහවුරු කිරීම් ලබා ගැනීමෙන් පසු හර කිරීම් මගින් ආනයන පාලනය විධිමත් කිරීම.
  • ආනයන හා අපනයන පාලන ප්‍රතිපත්ති මත විදේශ විනිමය වැය නොවන පදනම මත සිදු කරන ආනයනයන් සඳහා අවසර ලබා දීම.
  • ආනයන හා අපනයන පාලන රෙගුලාසිවලට අනුකූල නොවන අවස්ථා සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ විනිමය පාලක වෙත අවශ්‍ය සහායන් ලබා දීම.
  • ආනයන හා අපනයන පාලනය සම්බන්ධයෙන් වාණිජ බැංකුවලට මෙහෙයුම් උපදේශන නිකුත් කිරීම.
  • බලපත්‍ර නිකුත් කිරීමෙන් ලද ගාස්තු වශයෙන් රුපියල් මිලියන 1370 ක ආදායමක් එක්රැස් කර රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීම.