1. ආනයන /අපනයන එ්කල බලපත්‍රයක වලංගු කාල සීමාව දින 90 ක් වේ.
  1. එම බලපත්‍රය තවදුරටත් දීර්ඝ කිරීමට ඉල්ලුම් කරන්නේ නම් එය කල් ඉකුත් වන දිනයේ සිට දින 30ක් ඇතුලත ඉල්ලුම් කළ යුතු වේ. එහිදී කල් ඉකුත් වන දිනට පෙර හෝ පසුව ඉල්ලුම් කළ ද බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කරනු ලබන්නේ කල් ඉකුත් වන දින සිට දින 90කට නොවැඩි කාලයක් සඳහා පමණි. දීර්ඝ කරනු ලබන කාලසීමාව බලපත්‍රයේ ස්වභාවය මත තීරණය කෙරේ.
  1. මෙම බලපත්‍ර අළුත් කිරීමේ දී කාලය දීර්ඝ කිරීම තෙවරක් සලකා බලනු ලබන අතර, බලපත්‍රයෙහි සම්පූර්ණ කාල සීමාව වසරක් ( මුලින්ම නිකුත් කළ දින සිට) වේ.
  1. වලංගු කාලය හැර වෙනත් සංශෝධන ඕනෑම වාර ගණනක් සිදු කළ හැකිය.

 

සමූහ බලපත්‍ර:- 

  1. සෑම වර්ෂයකම දෙසැම්බර් 15 දින සිට ඊලඟ වර්ෂය සඳහා නිකුත් කිරීම ආරම්භ කෙරේ.
  2. මෙම බලපත්‍රවල වටිනාකම සංශෝධනය ( Enhancement) පවතින වටිනාකම ශූන්‍ය වී දින 30ක් ඇතුලත සිදු නොකළහොත් එම බලපත්‍රය අවලංගු වූවක් සේ සැලකේ.

 

ටී.වී.ඩී.දමයන්ති එස් කරුණාරත්න

ආනයන හා අපනයන පාලක ජනරාල්