වාහන ආනයන කිරීම සඳහා 2018 හා 2019 වර්ෂ තුළ ලබාගත් ආනයන පාලන බලපත්‍ර සංශෝධනය කිරීම සඳහා අයදුම්පත් බාර ගැනීමට මාස 02ක (2019.09.20 දින සිට 2019.11.19 දින දක්වා) සහන කාලයක් අවසන් වරට ලබා දීමට තීරණය කර ඇති අතර, එසේ සංශෝධනය කෙරෙන සියළු බලපත්‍රවල වලංගු කාලය 2019.12.22 දිනෙන් අවසන් කෙරෙන බැවින් සංශෝධනය අදාළ ලේඛන සමග අයදුම්පත් 2019.11.19 දිනට පෙර ලබා දෙන ලෙස කාරුණිකව දන්වමි.

නව සංශෝධන සඳහා අපගේ වෙබ් අඩවියෙහි සඳහන් ආනයන වාහන සඳහා වන ප්‍රතිපත්තියෙහි ඇතුළත් කොන්දේසි හා අංක 2107/45 දරණ 2019.01.25 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි ඇතුළත් වායු විමෝචන ප්‍රමිතී හා ආරක්ෂණ ප්‍රමිති අදාළ වේ.

ආනයන හා අපනයන පාලක ජනරාල්